යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසියට රනිලුත් යයි


ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කෙරුණු 3 වැනි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ ඉදිකළ විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (4) පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල යෞවන සමාජ සාමාජිකාවන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ 160 දෙනකුද විශ්ව විද්‍යාල, නීති විද්‍යාල, පාසල් ඇතුළු වෙනත් ආයතන හා සංවිධාන පත්කළ නියෝජිතයන් 65 දෙනකුද එහි මන්ත්‍රීවරු 225 ට ඇතුළත්වේ.

Youthparlimnt_20151241 Youthparlimnt_20151242 Youthparlimnt_20151243 Youthparlimnt_20151244