යොමාල්ගේ ජල සැපයුම් යන්ත්‍රයට බැංකොක්හිදී රන් පදක්කමක්


ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණයක් නිර්මාණය කළ දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ එම්.යොමාල් විශ්වජිත් සිරිවර්ධන රටවල් 29ක තරගකරුවන් 1000ක් අතරින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව ඇත.

තායිලන්තයේ නව නිපැයුම්කරුවන්ගේ දිනය සමරමින් පෙබරවාරි 2 වැනිදා සිට 6 වැනිදා තෙක් බැංකොක් නගරයේ පැවැති නව නිපැයුම් තරගාවලියේ දී ඔහු මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.

විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශයේ ශ්‍රී ලංකා නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් 2016 දී පැවැති ‘සහසක් නිපැයුම්‘ තරගාවලියට යොමාල් විශ්වජිත් මෙම ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණය ඉදිරිපත් කළ බව සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඊ.ඩී.ඩී.එදිරිසිංහ මහතා පැවසීය.

20160921_002423 20170206_120608---Copy 20170206_132627 IMG_0091