යේමනයේ හිරවූ 29ක් ගම රට


යේමනයේ සිවිල් යුද ගැටුම් වලට මැදිව සිටිය දී චීන රජයේ සහයෝගයෙන් බේරා ගත් ශ්‍රී ලාංකිකයන් 43 දෙනාගෙන් 29 දෙනකු අද (08) රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව විදේශ  අමාත්‍යංශය කියයි.

යාබද ජිබුටි රාජ්‍යයේ සිට පැමිණෙන මොවුන් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රාත්‍රී 8.15ට  පමණ කටුනායකට ළඟා වීමට නියමිතය.

 ඔවුන් පිළිගැනීමට විදේශ   නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා ගුවන් තොටට යෑමට  ද නියමිතය.