යේමනය තුළ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු ඇත්නම් දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ පිළිබඳව 0112 323 015 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස රජය විසින් මෙලෙස ඉල්ලීමක් කරයි.
යේමනයේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු පමණ මේ වනවිට එරට සිරවී සිටින බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපය තුළ විදේශ අමාත්‍යංශය විසින් මොවුන් බේරා ගැනිමට අවශ්‍ය පියවර ගත්තේය.

