යේමනයේ තෙරපීමකින් 85ක් මරුට


යේමනයේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් 85 දෙනකු මියගොස් 322 කු තුවාල ලබා ඇතැයි හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව හවුති බලධාරීන් පෙන්වා දී තිබේ.

යේමන ජනතාව දුගීභාවයෙන් පීඩා විඳීම හේතුවෙන් ආධාර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර එහිදී මිනිසුන් කලබල වී කටයුතු කිරීම හේතුවෙන් තෙරපීම හටගෙන ඇත.

අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ දර්ශන වලද ආධාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් ඉවසීමකින් තොරව කටයුතු කරන ආකාරය දිස් වේ. තෙරපීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් ආධාර බෙදා දීම සංවිධානය කළ පුද්ගලයන් නිසි කළමණාකරනයකින් එය සිදු නොකිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බවත් හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත .