යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන් ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැමිණියහ.
පැමිණි සිටි පිරිස අතර අවුුරුදු එක හමාරක කුඩා දරුවෙකුද විය.
පසුගිය 6 වෙනිදා චීන නෞකාව මගින් ශ්‍රී ලාංකිකයෝ 44 දෙනෙක් මුදවාගනු ලැබුහ.
ඉන් 29 දෙනෙක් පසුගිය 8 වෙනිදා රාත්‍රියේ දිවයිනට පැමිණියහ. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත.
මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින් හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ පසුව එතැන් සිට නයිරෝබි නුවර කෙන්යා තානාපතිවරයාගේ සහයෙන් යළි ගුවනින් කටාර් හි දෝහා හරහා දිවයිනට පැමිණියහ.
මෙලෙස දිවිගලවාගෙන දිවියිනට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ සුව දුක් දැන ගැනීම සදහා පෙර දිනක යේමනයේ සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මංගල රන්දෙනිය මහතාද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.
දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ ප්‍රධානියා වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා කණ්ඩායමක් වශයෙන් ඒක රාශී කොට ශ්‍රී ලංකා රජයට දැනුම් දී සියළු දෙනාටම දිවයිනට පැමිණීමට මැදහත්ව කටයුතු කළ බවයි.
එසේ නොවන්නට තමන් යේමනයේ යුධ ගැටුම් වලට මැදිව මිය යන්නට පවා තිබුනු බවත් ඔවුහු කීහ.
තවද චීන රජය හොදෙයිදා වරායේ සිට ජිබුති වෙත තමන් රැගෙන ඒමට ගත් පියවර ගැනත් ඔවුහු චීන රජයට ස්තුති කළහ.
එමෙන්ම කෙන්යා තානාපති ඩබිලිව් ක්‍රිෂ්ණමුර්ති මහතා නොකා නොබී ශ්‍රී ලාංකිකයන්ට උදව් කළ බවත් තමන්ට දිවි බේරාගෙන දිවයිනට පැමිණීමට උදව් කළ සියළු දෙනාට බෙහෙවින්ම ස්තුති වන්ත වන බවත් පැවසුහ.
(යේමනයේ කොටු වු ශ්‍රී ලාංකිකයින් ඒක රාශී කර ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධීකරණය කළ යේමනයේ සනා නගරයේ ටොයොටා සමාගමේ පරිඝණක අංශයේ ප්‍රධානී උජාල පෙරේරා මහතා)









