සිවිල් යුද ගැටුම් හේතුවෙන් යේමනයේ සිරවී සිටින 100කට ආසන්න ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව එරටින් ඉවත් කර ගැනීමට ඉන්දියාව චීනය සහ ඉන්දුනීසියාව යන රටවල් සහාය පළ කැර ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.මේ අතර යේමනයේ සිර වු ශ්‍රී ලාංකිකයින් පිරිසක් චීන ගුවන් යානයකින් සිකුරාදා එතියි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය කියයි.
ඉන්දියාව මුහුදු මාර්ගය ඔස්සේ නෞකාවකින්ද,චීනය හා ඉන්දුනීසියාව ගුවනින්ද මෙම ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතුවලට සහාය ලබා දෙන බවද එම රටවල් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයිද හෙතෙම පවසයි.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම රටවල් මෙලෙස සහාය දක්වන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.
ය. මේ වන විට යේමනයේ පවතින යුද ගැටුම් නිසා එරට ශ්‍රමිකයින් ලෙස කටයුතු කළ ලාංකිකයින් හා අරාබි භාෂාව හැදැරීමට ගිය සිසුන් කිහිප දෙනකු
මෙලෙස යේමනයේ සිරවී සිටින ලාංකිකයින් 100 අතර වෙති. අද හෙටම මොවුන් දිවයිනට ගෙන්වන බව අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
රතු මුහුදත් ඒඩන් බොක්කත් සම්බන්ධ කෙරෙන බැබ් ඇල් මැන්ඩාබ් ඇළ මාර්ගය සම්බන්ධ වන පෙදෙසේ පිහිටි යේමන උපක්‍රමික අතින් මර්මස්ථානයක් යේමනයේ පිහිටියේය. ලෝකයේ තෙල් නැව් වැඩි ප්‍රමාණයක් එම ඇළ මාර්ගයේ ගමන් කරයි.
යේමනයේ යුද වැදී සිටින සියා (හවුතිස් ) කැරලිකරුවනට පහරදීම සඳහා සෞදි අරාබිය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත මුස්ලිම් රටවල් 10ක සහයෝගය ලබාගෙන සිටියි. පාකිස්තානය,ඊජීප්තුව,මොරොක්කෝව හා කටාරයේ පමණක් නොව අරාබි එමීර් රාජ්‍යයද යේමනයේ හව්ති කැරැලිකරුවන් හට පහර දීමට හවුල් වි සිටිතියි ඔවුන් බැබ් ඇල් මැන්ඩාබ් ඇළ මාර්ගය අල්ලා ගනිතියි ඊජිප්තුව හා සෞදි අරාබිය බියෙන් සිටියි.
හවුතිස් කැරැලිකරුවන් මරාගෙන මැරෙන තාලේ සටන්කරුවන්ගෙන් සමන්විතය.
යේමනයේ පාලක ඇබ්ද්‍රාබුහ් මන්සුර් හාඩ් ජනපති හවුතිස් නමින් හැදින්වෙන සියා කැරැලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ පෙබරවාරීයේදී සනා පෙබරවාරියේ පලාගියේය. අල්කයිඩා ත්‍රස්තයෝද මෙම සිවිල් යුද්ධයට මැදි වී සිටිති.

