යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය අද (16) වාර්තා කළේය.
මෙලෙස ඉවත්කරනු ලැබුවේ 2006 වසරේදී යුරෝපා සංගම් නායකයෝ 2006 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට එක් කර පනවා තිබූ තහනමයි.
එකළ පුවත්පත් හා අන්තර්ජාල වාර්තා සලකා බලා ගත් එම තීරණය පරීක්ෂණයකින් ලබාගත් තීරණයක් නොවන බවත් ඒ නොවන හෙයින් මෙතෙක් කල් එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කරන බවත් යුරෝපා සංගමය අධිකරණය තීන්දු කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ ද එම සංවිධානයේ දේපළ සම්බන්ධයෙන් පනවා තිබූ තහනම මින් වෙනස් නොවන බව අදාළ තීන්දුව ලබාදෙමින් යුරෝපා සංගම් අධිකරණය දැනුම් දී තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ යුතු සඳහන් කළ පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදීමට එම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ යුරෝපා සංගමය මෙන්ම ඉන්දියාව ද අපොහොසත් වූ බව යුරෝපා සංගම් වාර්තාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ‘තමා ශ්‍රී ලංකා රජය සමඟ සන්නද්ධ අරගලයක යෙදී සිටි නිසාත්, යුද නීති රීතිවලට බැඳී සිටින නිසාත්‘ , යුරෝපා සංගමයේ ත්‍රස්ත විරෝධි නීතිරීති තමාට අදාළ නොවන බවට එල්.ටී.ටී.ඊ සංවිධානය ඉදිරිපත් කර තර්කය යුරෝපා සංගම් අධිකරණය ප්‍රතික්ෂේප කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ද නැද්ද යන්න අවධාරණය කිරීම වඩා වැදගත් නැති බවත්, යුරෝපා සංගමයේ ත්‍රස්ත විරෝධී නීතිරීති සන්නද්ධ අරගලවලටද බලපාන බවත් යුරෝපා සංගම් අධිකරණය සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජයේ හමුදා 2009 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ අතර ඉදිරියේදී එම සංවිධානයට තහනම් පැනවිය හැකි බවත් යුරෝපා සංගම් අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.

