යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි


(අංජුල මහික වීරරත්න සහ සනත් ගමගේ)

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජුනි මස 15 වෙනි දින සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වේ

  යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද (31) පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගනු ලැබීය.

ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතය.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.