
(අජිත්ලාල් ශාන්තඋදය)
අජටාකාශගාමී යූරි ගගාරින් ශ්‍රි ලංකාවට පැමිණ වසර 64ක් පිරීම නිමිත්තෙන් රත්නපුර හිදැල්ලන මධ්‍ය විද්‍යාලයේ දරුවන් අතරින් තෝරා ගත් පළමු ශිෂ්‍යත්වලාභීයා දිනිදු දුල්නාත් ශිෂ්‍යයා රුසියාව බලායාමට නියමිතය.
පූර්ණ ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුණේ යූරි ගගාරින් ලංකාවට පැමිණි අවස්ථාවේ රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයට පැමිණීම සිහිපත් කරමිනි.
යූරී ගගාරින් 1961 දෙසැම්බර් 11දා සීවලී මධ්‍ය විද්‍යාලයට පැමිණියේ ය . ඒ අවස්ථාව සිහිවීම පිණිස විද්‍යාල භූමියේ සිටුවන ලද කොස්ගොන්න ගස අදටත් පවතී. ඒගස ඉදිරිපිට ඔහුට උපහාර ලෙස යූරී ගගාරින් වීරයාගේ පිළිමයක් ගිය වසරේදී පිහිටුවන ලදී. විද්‍යාලයේ ආචාර්යවරයකු වූ පුෂ්පකුමාර හේරස් මහතා එම මූර්තිය සැකසීය.
විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාර වත්ත මහතාගේ ආරාධනයෙන් රුසියානු තානාපති ලෙවාන් සිමියනවිච් ජගර්‍යාන් මහතා පැමිණ එය විවෘත කළේය. ඒ අවස්ථාවේදී සීවලියට රුසියානු ශිෂ්‍යත්ව දෙකක් දීමට තානාපතිවරයා පොරොන්දු විය.
විෂය බාහිර ක්‍රියා වෙනුවෙන් තාරකා සංගමයේ කටයුතු කර එහි සභාපති වරයාවී උසස් පෙළ ඉහළින් සමත්වූ දිනිදු දුල්නාත් ශිෂ්‍යයා පළමු ශිෂ්‍යත්වය දිනා ගැනීමට සමත් විය.
ජායාරූපය:විදුහල්පති වරයා, ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසක එස්.පී. සුමනදාස මහතා ප්‍රධානව විද්‍යාලයීය නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව දිනිදුට සුබ පතමින් තිළිණය පිරිනැමූ අවස්ථාව

