යූඇන්පියට ගැසූ හතරක් හම්බන්තොටින් සැකපිට


හම්බන්තොට මත්තල වරාය අසලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට බැණවැදී තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹින් ගිය විශේෂ කණ්ඩායමක් විසින් මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිත් නොකළ බවට විරෝධය පළ කරමින් සෙනසුරාදා හම්බන්තොට පොලිසිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ද කළහ.