යූඇන්පිය ගැන ජනපතිට දුකයි


එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා දකින්නට අකමැති නිසා සන්ධාන සැලුන් දොර අතින් අල්ලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති අද අකුරණ සන්ධාන ඡන්ද රැළියේදී කීවේය.

එජාපය අද අලියත් නෑ. කොල පාටත් නෑ. මහ ලේකම් අපේ ළඟ. මා කැමති නෑ විපක්ෂය විනාශ වෙනවා දකින්න. ඒ නිසා අපේ සැලුන් දොර තදින්ම අල්ලාගෙනයි ඉන්නේ. ඒ සැලුන් දොර ඇරියොත් එජාපයේ ඔක්කොම සන්ධානයට එනවා.