යුවරාජ් - හේසල් විවාහයට සූදානම්


2016-12-03-ent-137

යුවරාජ් සිං සහ හේසල් කීඞ්ගේ පේ‍්‍රම සම්බන්ධය සහ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ගැන කතන්දර සහ ඕපාදූප මෙතෙකින් සමාප්තය. දැන් ඇත්තේ ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ගැන කතාබහ කරන්නටය. ඒ පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ මාධ්‍යයෙන් වසන් කරන්නට ඔවුන් උත්සහ කළත් එය සාර්ථක වූයේ නැත.ඔවුන්ගේ මංගලෝත්සවය පැවැත්වුණේ නොවැම්බර් 29 දාය. පන්ජාබ් චාරිත‍්‍රානුකූලව ගෝවේහිදී ඔවුන් අතිනත් ගත් අතර දිල්ලියේ ගුරුද්වාරහිදී මංගල සාදය පැවැත්විණි.

ඔවුන්ගේ මංගල ආරාධනා පත‍්‍රය සියලූ දෙනාගේම සිත් ගත්තේය. පිටු තුනකින් සමන්විත ආරාධනා පත‍්‍රයේ මුල් පිටුව අලංකාර වී තිබුණේ යුවීගේ සහ හේසල්ගේ කාටුන් චිත‍්‍රයකිනි. එහි ශ්‍යඡුඛ යනුවෙන් මුද්‍රණය කර තිබිණි. එහි අදහස යුවරාජ් හේසල් ප‍්‍රිමියර් ලීග්ය. එය දුටු හැම දෙනාටම සිනාව නවත්වා ගන්නට නෙහැකි වූයේය. මේ ඇරයුම්පත යවනු ලැබුවේ වියළි පලතුරු සහ කැවිලි සහිත පෙට්ටි දෙකක්ද සමඟිනි.

ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය සාර්ථක වීමේ පෙර ලකුණු ආරාධනා පත‍්‍රයෙන්ම පේනවා.. සමහරු එසේද පැවසූහ.

ඔවුන්ගේ මංගල උත්සවය අදියර කිහිපයකින් පැවැති අතර වෙරළ සාදයක්ද කොක්ටේල් සාදයක්ද එයට එක් වී තිබිණි.

 

2016-12-03-ent-136
2016-12-03-ent-135
2016-12-03-ent-134
2016-12-03-ent-133