යුරෝපා හවුලට ලක් පැසසුම්


කොටි සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් යුරෝපා සංගම් අධිකරණයක තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකා රජය එම සංගමයට ප්‍රසාදය පළ කළ බව විදේශ අමාත්‍යංශය කියයි.

යුරෝපය කොටි ජාලය ව්‍යාප්තව තිබියදී ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යුරෝපා සංගම් කවුන්සිලය එම අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීම කාලීන පියවරක් බවත්, ත්‍රස්තවාදයට එරෙහිව මෙවැනි සාමූහික ප්‍රශ්නයක් අත්‍යවශ්‍ය බවද විදේශ අමාත්‍යංශය පවසයි.