ශ්‍රි ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව යුරෝපා සංගමය පවසයි.
එසේම මෙරට සියලුම දේශපාලන පක්ෂ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු කරමින් පුරවැසියන්ට නිදහසේ තමා කැමති නායකයින් තෝරා ගැනීමට අවශ්‍ය වට පිටාව සකසා දිය යුතු බවද යුරෝපා සංගමය වෙනුවෙන් කොළඹ පිහිටි යුරෝපා සංගම් තානාපති කාර්යාලය අද (02) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවධානයෙන් පසුවන බවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සාමකාමී වටපිටාවක් අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.

