යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට අත හිත


ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා සහාය දීමට යුරෝපා සංගමය අද (15) යූරෝ මිලියන අටක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 130ක) ව්‍යාපෘති දියත් ක‍ලේය. අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානය(ICT) සහ එක්සත්ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDEO) ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාද් බද්‍යුදීන් මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති අතර තරඟකාරීතවය වැඩි දියුණු කරමින් නිදහස් හා ජාත්‍යන්තර වෙළඳාමට සහභාගී වීමටත් ඒ තුළින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමටත් ව්‍යාපාරිකයන්ට සහාය වීමට මේ ව්‍යාපෘතිය ඉවහල් වන බවයි.