යුරෝපා පාර්ලිමේන්තුවේ පිරිසක් ලංකාවට


ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් තීරු බදු සහනය නැවත ලබාදීම පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් සඳුඳා (31)  සිටි නොවැම්බර් 3 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලය පවසයි.

සිව් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිස විසින් ජාතික සංහිඳියා කි‍්‍රයාවලිය ලබා ඇති ප‍්‍රගතිය  පිළිබඳව සහ දේශපාලනික සහ ආර්ථික වශයෙන් කාන්තාවන් බලගැන්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි කියති.

මෙම නියෝජිත පිරිසේ නායකත්වය දකුණු ආසියානු රටවල සම්බන්ධතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති ජීන් ලැම්බර්ට් (එක්සත් රාජධානිය) විසින් දරනු ලබන අතර සජාඞ් කරීම්   (එක්සත් රාජධානිය ), තෝමස් මාන්  (ජර්මනිය) සහ උල්රික් මුලර් (ජර්මනිය) අනෙකුත් සාමාජිකයෝ වෙති. 

ඔවුන් කොළඹ, ති‍්‍රකුණාමලය සහ මඩකලපුවේදී රාජ්‍ය, පළාත් පාලන, පාර්ලිමේන්තු සහ සිවිල් සමාජ නියෝජිතයින් හමුවනු ඇත.