යුරෝපා අධිකරණ තීන්දුවට ඇපෑලක්


කොටි සංවිධානයට පැනවු  සම්බාධක  අභියෝගයකට ලක් කරමින් යුරෝපා සංගම් අධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට යුරෝපා සංගම්  කවුන්සිලය තීරණය කළ බව  ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

යුරෝපා අධිකරණ තීන්දුව මගින් යුරෝපා සංගමය කොටි සංවිධානයට එරෙහිව පැනවු ඇතැම් සම්බාධක  අවලංගු වී ඇති බව අභියාචනයේ  සඳහන් බව යුරෝපා සංගම්  තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.

යුරෝපා අධිකරණය විසින් කොටි සංවිධානයට එරෙහිව පැනැවුණු සම්බාධක අභියෝගයට ලක් කරමින් හිතකර පරිදි තීන්දුවක්  ගබා දී ඇති බවද එහි සදහන්වේ.

කොටි සංවිධානයට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබු සම්බාධක ඉවත් කරමින්  යුරෝපා සංගම් අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඉකුත් ඔක්තෝබර 16 වැනිදාය.