හොංකොං ,බංගලිදේශය, ජෝර්දානය සහ ඉන්දියාව යන රටවල් ජාතිවාදී ක්‍රියා උත්සන්න වන ප්‍රධාන රටවල් ලෙසට වර්ගීකරණයට ලක් කර ඇත.
ස්වීඩනයේ වර්ල්ඩ් වැලියුස් (ජගත් වටිනාකම් ) ආයතනය මෙම සෝදිසිය කළේය.
එම සමීක්ෂණ වාර්තාවට අනුව ජාතිවාදී හැගීම් වර්ධනය වීමේ වේගය ප්‍රතිශතයක් ලෙස බලන විට හොංකොංහි සියයට 71.8 කි.බංගලාදේශයේ සියයට 71.4 කි. එම ප්‍රතිශතය ජෝර්දානයේ සියයට 51.4 ක් වන අතර ඉන්දියාවේ හම ප්‍රතිශතය සියයට 43.5 බව හෙළි වේ.
බ්‍රිතාන්‍ය ,කැනඩාව, ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය හා යුරෝපයේ බොහෝමයක් රටවල ජාති වාදී හැගීම් වර්ධන වුවද එය සියයට 5 ක් වැනි අවම ප්‍රතිශතයක අගය වාර්තා කරන බවත් එම වාර්තාව සදහන් කරයි.