යුනෙස්කෝ සංවිධනයේ අධ්‍යක්ෂක ජනරාල් එරීනා බොකෝවා මහත්මිය අද (13) පස්වරු 4.30ට කටුනායක ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණියාය.
ඇය ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් පැමිණි අතර ඇයත් සමඟ හය දෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් පැමිණියහ.
අය මෙම තනතුරට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ ඇමැති මංගල සමරවීර ඇතුළළු කිහිපදෙනෙක්ම හමුවීමට නියමිතය. ඇය ලංකාවේ සීගිරිය ඇතුළු ඓතිහාසික ස්ථාන කිහිපයක්ද නැරඹීමට යාමට නියමිත බවද වාර්ථා වෙයි.