ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදල් වංචාවක් සිදු කර පොලීසිය මගහරිමින් සිටි බව කියන තිදරු මවක හොරණ වනගත ආරණ්‍යයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ විශේෂ විමර්ශන අංශය කියයි.
ඊශ්‍රායෙලයේ මෙහෙකාරියක ලෙස රුපියල් ලක්ෂ හතරක මාසික වැටුපක් දෙන බව පවසමින් සැකකාරිය යක්කල කිහිපදෙනකු රවටා වරින් වර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පොලීසිය කියයි.
මේ අතර යක්කල ප්‍රදේශයේ කාන්තාවක් විසින් තමන්ට ඊශ්‍රායලයේ රැකියාවක් ලබා දෙන බව පවසා සැකකාරිය විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා ගත් බවත් පසුව ඇය අතුරුදන්ව ඇති බවත් ගම්පහ පොලීසියට පැමිණිලි කළාය.
ගම්පහ කොට්ඨාෂ භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කළහ.

