යුද්ධයේ ප්‍රතිඵලයක්


යුද්ධය නිසා උතුරේ 19420ක් ආබාධිත වී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන වලින් පෙනෙතියි වලිකාමම් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධර්මලිංගම් නඩතේන්ද්‍රම් මහතා කියයි.

ඉන් වැඩි දෙනා ළමයින් බව ද, ඇස් නොපෙනෙන හා කන් නොඇසෙන සිසුනට විශේෂ අධ්‍යාපන පහසුකම් නැති බව ද ඔහු කියයි.

අත් පා අහිමිවූවන් සඳහා වවුනියා රෝහල නොමිලේ කෘත්‍රිම අත්පා සපයන බවත්, අත්පා අහිමිවූවන්ගේ පැමිණිම පෙරට වඩා වැඩි වී ඇති බවත් රෝහල පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එම වැඩපිලිවෙළට දායක වෙයි.

කෘත්‍රිම අතකට රුපියල් 35000ක් ද පාදයකට රුපියල් 90000ක් ද වැය වෙතියි දැනගන්නට ඇත.