ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ ආබාධිත හමුදා සාමාජිකයන් අතරින් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යෑමට අවසර ලැබිණි.
එලෙස ඇතුළට ගිය එක් සාමාජිකයකු කීවේ පෙබරවාරියේ සිට තම ඉල්ලීම් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් එකඟ වූ බවයි.
එය ලිඛිතව ලැබෙන තෙක් දිගටම ජනාධිපති ලේකම් කාර්යාලයය ඉදිරිපිට සිටින බව උද්ඝෝෂකයෝ කියති.
ජනාධිපති ලේකම් කාර්යාලයය කියනුයේ යුද්ධය නිම වී වසර අටකට පසුව ආබාධිත යුද හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම ඉටු කරන බවයි.
වසර 12ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ හමුදා සාමාජිකයන්ට ලබා දෙන සේවා විශ්‍රාම වැටුප වසර 12ක සේවා කාලය අවසන් නොකර සව කැමැත්තෙන් වන්දි ලබා විශ්‍රාම ලැබූ ආබාධිත සාමාජිකයන්ට ද ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයය නිවේදනය කරයි.
එම තීන්දුව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද සේවකයන්ට ලබා දුන්නේය.