යුදගනාවේ පන් දහසක් සිල් සමාදන් වෙති


බුදු තෙමගුල සමරමින් දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියෝ අද උදෑසන දිවයින පුරා විහාරස්ථාන වලදී පෙහෙවස් සමාදන් වූහ. ප්‍රධාන රාජ්‍ය උත්සවය පැවැත්වෙන ඓතිහාසික යුදගනාවේදී පන් දහසක් පමණ සිල් සමාදන් වූහ.

මොනරාගල සිට වැල්ලවාය දක්වා මග දෙපස වෙසක් පහන් මැටි පහන් බෞද්ධ කොඩි ඇතුළු වෙසක් සැරසිළි වලින් අලංකාර වී තිබේ.

ඊට අමතරව බෞද්ධ බැති ගී කණ්ඩායම් තැන තැන ඉදිකළ විශේෂ වේදිකා මත බැති ගී ගයති. ප්‍රධාන උත්සවය යුදගනාවේදී සෙනසුරාදා 25 යුදගනාවේදී පැවැත්වීමට නියමිතය.