
(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ 56 වන මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් ජනරාල් ප්‍රභාත් දෙමටපිටිය මහතා පත් කර ඇත.
යුද හමුදා මූලස්ථානයේ දී අද (16) ඒ මහතා සිය ධුරයේ ධුරයේ වැඩ භාරගත් බව ද හමුදාව පවසයි.
1985 වසරේ යුද හමුදාවට එක්ව ඇති එ් මහතා 1986 වසරේ දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් සංඥා බලකාය ට එක් වී ඇත.
යුද හමුදාවේ විවිධ නිලතල හොබවමින් වසර 35ක සේවා කාලය කාලයක් සපුරා ඇති දෙමටපිටිය මහතා යුද හමුදාවේ නිකළැල් සේවයට හිමිකම් කියන ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බව යුද හමුදාව පවසයි.
මේජර් ජනරාල් දෙමටපිටිය මහතා කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

