යුද හමුදාව මධ්‍යස්ථ තැනක


(ඉන්දිකා රාමනායක)

රට තුළ  ඇති වූ දේශපාලන වෙනස් වීම හුදෙක් දේශපාලන අවශ්‍යතාව මත  මහජන ඡන්දයෙන් පත්වූ දේශපාලනඥයන් අතර ඇති වූ තත්ත්වයක් පමණක් වන අතර දේශපාලන ගැටළු සඳහා විසඳුම් සෙවීම නීතිගරුක මෙන්ම විනයගරුක හමුදාවක් වශයෙන් යුද හමුදාවට අයිති රාජකාරියක් නොවන බව සියලුම හමුදා නිලධාරීන් අවබෝධ කරගත යුතු බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සියලුම උසස් හමුදා නිලධාරීන් වෙත විශේෂ නිවේදයක් නිතුක් කරමින් දන්වා සිටියි.

මෙහිදී හමුදාවේ මූලික කාර්ය වන්නේ දේශපාලන , ජාති, ආගම් , බේදයකින්  තොරව සියලු රට වැසියන් හා දේපළ ආරක්ෂා කිරීම බවත් ඒ සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් නිකුත් කරන්නේ  ජනාධිපතිතුමන් , ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි  හරහා යුද හමුදාපති විසින් පමණක් බැවින්  ඊට බාහිරව ලැබෙන උපදෙස්  කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම ඒ සම්බන්ධයෙන් තමන්ගේ අනුමැතිය ලබාගත් යුතු බවද යුද හමුදාපතිවරයා දන්වා සිටියි.