අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් වන තම විරෝධතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (18) අභියාචනාධිකරණයට භාරදුන්නේය.
එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස වත්මන් යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කරන ලද්දේ මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.ඔවුන් මෙම පෙත්සමට විරුද්ධව විරෝධතා ගොනු කරන බව දැනුම්දී තිබූ අතර යුද හමුදාපතිවරයා මෙසේ තම විරෝධතාවය අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවය.
එක්නැලිගොඩ මහත්මියගේ හබයාස්කෝපුස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ,දේවිකා ලිවේරා ද තෙන්නකෝන් යන දෙපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.

