
(ගයාන් සූරිය ආරච්චි)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව යුද හමුදාව පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාගේ නියෝග අනුව පිහිටුවා ඇත.
දැනට ක්‍රියාත්මක කෙරෙන ආපදාවට ලක් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් සිදු කිරීම සදහා සියලුම රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සහ අනෙකුත් සියලුම ආයතන සම්බන්ධීකරණය කර ගෙන එම ආපදාවට ලක්වුවන් ගලවා ගැනීමේ මේ උන් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම අරමුණ බව යුද හමුදාව පවසයි.

