යුද හමුදා මාර්ග ධාවන තරගය 17 දා


ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මලල කී‍්‍රඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගය මේ මස 17 වැනිදා පෙ. ව. 9.00 ට ආරම්භවීමට නියමිතය.

නුවරඑළිය තුරග තරග පිටිය ඉදිරිපිටින් අරම්භවන මෙම මාර්ග ධාවන තරගය බදුල්ල පාරේ මාගස්තොට මංසන්දිය, නුවරඑළිය රක්ෂිතය, ගැල්වේ රක්ෂිතය, උඩුපුස්සැල්ලෑව පාර, ඩිපෝ හංදිය, නුවරඑළිය මංසන්දිය සහ ධර්මපාල වටරවුම හරහා ගමන්කර නැවතත් නුවරඑළිය තුරග තරග පිටියට පැමිණීමෙන් පසුව අවසන්වේ.

48 වැනි වරට පවත්වනු ලබන මෙම තරගය සඳහා මෙවර, ජාතික මැරතන් ශූර අජිත් බණ්ඩාර, සමන් කුමාර, විජිත කුමාර, විජේතිලක, සුජීව චන්නපාල සහ අසේල බණ්ඩාර යන කී‍්‍රඩකයින්ද ඇතුළත්ව යුධ හමුදාවේ සියලූම රෙජිමේන්තු සහ කාන්තා ඒකක නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 250 කට ආසන්න සංඛාවක් තරග වැදීමට නියමිතය.