2009 වන්නි මෙහෙයුමේ දස්කම් දැක්වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 8211 දෙනකුට වීර පදක්කම් පැළඳවීමට නියමිත බව හමුදාව කියයි.
මේ පිරිසෙන් 7966 දෙනකු යුද හමුදාවේද,144 දෙනකු නාවික හමුදාවේ ද, 101 දෙනකු ගුවන් හමුදාවේ ද වන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියයි.
පරම වීර විභූෂණ පදක්කම් තිදෙනකුටද වීර විභුෂණ පදක්කම් නව දෙනකුටද වීර වික්‍රම පදක්කම් 61 දෙනකුටද රණවික්‍රම පදක්කම් 1756 දෙනකුටද රණශූර පදක්කම් 6382 දෙනකුටද ප්‍රදානය කරන බව ඔහු පැවසීය.
මෙම පදක්කම් පැළඳවීම සංකේතවත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් බ්‍රහස්පතින්දා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.