යුද ජය සංකේතවත් කළ අලි පැටවා බදාදා රට පටවයි


තිස් අවුරුදු යුද්ධයෙන් කොටි පරාජයට පත්කිරීම සිහිවීමට 2009 මැයි 18 දා පින්නවල අලි අනාථාගාරයේ දී 'දිනූදා' ලෙස නම් තැබූ අලිපැටවා සහ 'උදාර' නම් අලි පටවා හෙට බදාදා කොරියාවේ පුද්ගලික සතුන් වත්තකට ලබාදීමට නියමිතය. මේ අලි පැටවුන් දෙදෙනා ගුවන් මගින් ගෙන යන බව දැනගන්නට ඇත. මේ අලිපැටවා 'දිනූදා' යනුවෙන් නම්කැර ඇත්තේ යුද්ධය දිනූ දිනයේ උපන් බැවිනි.

'දිනූදා' අලි පැටවාගේ මේ ඡායාරූපය වසරකට පමණ පෙර ගන්නා ලද්දකි.