යුද ගැටුම වළකන යෝජනාවට ලංකාව අත උස්සන්නේ නෑ


(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු - යුක්රේන යුද්ධය නවත්වන ලෙසත් රුසියානු හමුදාවන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙසත් පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් වූ යෝජනාවට නැවත වරක් ශ්‍රී ලංකාව ඡන්දය ලබා දීමෙන් වැළකී සිට ඇත.

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් මහතා සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී රුසියාවට එරෙහිව ගෙන එනු ලබන මෙම යෝජනාවට සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්ද කර තිබිණ.

යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 141 ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර එම යෝජනාවට විරුද්ධව සාමාජික රටවල් 7 ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සාමාජික රටවල් ගණන 32 කි.

කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා, රුසියාව, බෙලරුසය සහ සිරියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වේ.