යුද ආබාධිතයන්ට ත්‍රීරෝද


යුද වැදි පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් 28 දෙනකුට පහසු ගෙවීමේ ක්‍රමය මත ත්‍රීරෝද රථ ලබා දීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය අද (20) කොළඹ මහවැලි කේන්ද්‍රයේදි පැවැත්වණි.

අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය ත්‍රීරෝද බෙදා දුන්නාය. අධිකාරිය ත්‍රීරෝද රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් ලබා දුන් බවත් ඉදිරියේදි ආබාධිත රණවිරුවන්ට තවත් සහන සැලසීමට කටයුතු කරන බවත් සභාපතිනිය කීවාය.