දෙමළ බෙදුම්වාදීන් සමඟ වසර 36කට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.
වත්මන් ආණ්ඩුව මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2015 වසරේදී පොරොන්දු වුවද මේ දක්වා කිසිවක් කර නැතැයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් මහතා පවසා ඇත.
“ආණ්ඩුව එකඟතාව පළ කළ පරිදි කටයුතු කළ යුතුයි” යැයි සුමන්තිරන් මහතා ශ්‍රී ලංකා විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමය හමුවේ ඉකුත් දා පැවසීය.
දේශපාලන වශයෙන් ජනප්‍රිය නොමැති එක්සත් ජාතීන්ගේ නිර්දේශ ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව අපොහොසත්ව ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
විමර්ශන සහ අභිචෝදනා කටයුතුවලට විදෙස් විනිසුරුවරුන් යොදා නොගන්නා බව ද ජනාධිපති සිරිසේන මහතා විටින් විට ප්‍රකාශ කර තිබේ.
(රොයිටර් ඇසුරිනි - 055)

