යුද අපරාධ වාර්තාව පමා කළ හේතුව කියයි


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව කල් දැමීම සාධාරණ තාර්කික කරුණු මත පදනම්ව සිදුකළ බව මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ජෝකිම් රකර් කියයි.

ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වාර්තාව 28 වැනි සැසිවාරයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නැගෙන විරෝධයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ කියා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන මාර්තු 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ රජය කළ ඉල්ලීමකට අනුව චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව අනුව වාර්තාව මාස 6කට කල් දැමූ බවද ඔහු කියයි.