යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා මාස කිහිපයක් ඇතුළත සොය බැලිය යුතු යැයි කල් දුන් බ්‍රිතාන්‍ය ඇමැති ඩේවිඩ් කැමරන් එසේ නොකළහොත් තමා ඒ ගැන එක්සත් ජාතික සංවිධානයේ දී කරුණු ඉදිරිපත් කරන බවට පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී අද අනතුරු ඇඟවීය.
එහෙත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසුවේ ශ්‍රී ලංකාවේ එවැනි අන්තර් ජාතික පරීක්ෂණයකට ‘නියත වශයෙන්ම‘ ඉඩ නොදෙන බවයි.
මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තව ඉදිරියට වේගයෙන් යා යුතු යැයි කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසානයේ සිදු වූ මානව අයිතිවාසිකම් කඩ වීම් නොසලකා හළ නොහැකි බව ඔහු කියා සිටියේය.
මේ සියල්ලම සංහිඳියාව හා ශ්‍රී ලංකාවේ අමිහිරි අතීතය සුවත් පිකරීම සඳහා ඉවහල් වන බවත්, ඒ සඳහා දැන් ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි බවත්, එසේ කළොත් පමණක් අනාගතය වඩාත් දීප්තිමත් වන බවත්, එම ප්‍රශ්න අමතක කිරීමෙන් එහි විරුද්ධාර්ථය සිදු වන බවත් ඔහු කීවේය.
‘මේ රටේ අනාගතය ගැන මම බෙහෙවින්ම සුබ වාදීයි. මාගේ පණිවුඩය වනුයේ මේ ප්‍රශ්නය අමතක නොකළ යුතු බවයි.
වඩාත් ක්‍රියයාකාරීව ඉදිරියට ගෙන යා යුතු බවයි.‘
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාව ගැන විමසූ විට කැමරන් පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම ඉතා සැර අදහස් ඉදිරිපත් වන බවයි.
‘මා කිවූ හැම දෙයක්ම පිළිගත්තේ නෑ.‘
මහින්ද රාජපක්ෂ ජනපති කාර්යාලයයේ ප්‍රකාශයකින් කියැවෙන්නේ නගා ඇති සියලු ප්‍රධාන චෝදනා වලින් අත් මිදීමට තව කාලයක් දෙන ලෙස ඉල්ලා සිටි බවයි