යුද සමයේදී සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමේ නීතිමය හැකියාව උතුරු පළාත් සභාවට පවතින්නේ දැයි අධ්‍යනය කරමින් සිටින බවත් එසේ හැකියාවක් ඇතිනම් එම පරීක්ෂණය උතුරු පළාත් සභාව විසින් කරනු ලබන බවත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
1985 ජනවාරි 30 වනදා මන්නාරම වට්ටුකන්ඩු ගම්මානයේ ඝාතනය වූ දෙමළ වැසියන් 70 දෙනෙකු සිහිකිරීමේ උත්සවයකට සහභාගී වෙමින් මහඇමතිවරයා මේ අදහස් පළකළේය.
2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට අනුකූලව යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා විදේශීය විනිසුරුවන් සහභාගි කර ගැනීමට නිර්දේශ වී තිබේ.

