යුද අපරාධ ඇත්නම් තරාතිරම නොබලා දඩුවම්


ශ්‍රී ලංකා හමුදාව  හා කොටි තස්ත්‍රවාදීන්  අතර යුද්ධයේදී  මානවහිමිකම්  උල්ලංඝණය වී ඇත්නම් ඒ ගැන සොයා බලා රටේ නීතිය අනුව වරදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති දෙස් විදෙස් මාධ්‍ය හමුවකදී අද(14)පැවසීය.

‘අපට හංගන්න දෙයක් නෑ පොදු රාජ්‍ය මණ්ඩලීය සාරධර්ම රකිනවා යැයිද තිස් වසරක් පුරා කොටිත්‍රස්ත්‍රවාදීන්  ගෙන ගිය මානවහිමිකම්  කඩ කීරීම්වලට තිත තැබීමට කාලය පැමිණ ඇතැයිද ජනපති කීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ හමුව පැවැත්විණි.පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේශ් ෂර්මාද මේ හමුවට සහභාගී විය.