යුග දෙකක සම්පිණ්ඩනය


2016-10-03-ent-100

දශක ගණනාවක එහා තිබූ සහ එකල සිටි බොහෝදෙනාගේ ආදරයට පත් ගීතයක් සඳහා නැවත පණක් ලැබෙන්නේ කුමක් නිසාද? එවැනි පැරණි ගීතයක් වර්තමාන පරපුරේ ගායන තරුවක් විසින් නැවත ගායනා කර නව පණක් දීමට හැකියාවක් ඇති ගායන තරුවක් සිටීද? මෙවැනි ප්‍රශ්න බොහෝ ගණනක් ඉදිරිපත් කළත් ඒ සඳහා බොහෝ පිළිතුරු ලැබීමට හැකියාව තිබේ. එවැනි ගීතයක් පිළිබඳ ‘සාරවිට’ අපට හැඟුණු දෙයක් පිළිබඳව කතා කිරීමට අපි සිතුවෙමු.

ඒ හෙළයේ පුරාවෘත්තයක් වූ රුක්මණී දේවි ‍විසින් ගායනා කරනු ලැබූ ‘ආදරය නිසා’ ගීතයට විශාල සාධාරණයක් ඉෂ්ට කරනු ලැබූ ගායිකාවක ලෙස උමාරියා සිංහවංශ හැඳින්විය හැකිය. අතීතයේ ‘ආදරය නිසා’ ගීතය සජීවි පටිගත කිරීමකින් සවනට මුසුවූ අතර, මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ එය රසවිඳීම අපට හැකියාව ලැබිණි. එම රසස්වාදයට කිසිදු හානියක් නොවී නැවත එම ගීතය ඇසීමට හැකියාව ලැබුණේ පසුගිය සතියේ පැවැති දෙරණ රූපවාහිනියේ ‘මා නොවන මම’ වැඩසටහනේදී උමාරියා විසින් ගායනා කරනු ලැබූ ගීතයෙනි. දශක ගණනාවක් එහා ගිය හඬ වර්තමානයේදී නැවතත් දෙසවන තුළ රැව්දීමට හැකියාව ලබාදුන් උමාරියා වර්තමාන පරපුරට බිහිවූ දක්ෂ කාලාකාරිනියක ලෙස අවිවාදයෙන් යුතුව හැඳින්විය හැකිය. එම පැරණි ගීතය සඳහා උමාරියා කොතරම් සාධාරණයක් කරනවාද යන්න සාරයෙන් මත්වන ඔබටත් හැඟෙණු ඇත.

 

උමාරියා විසින් ගායනා කරන ආකාරය... 

 

රුක්මණී දේවි විසින් ගැයූ ඒ ගීතය..