යුක්රේනයෙන් තවත් 183 ක් එති


(රොෂාන් දිලිප් කුමාර)
 
 
යුක්රේන සංචාරකයින්  පිරිසක් රැගත් ගුවන් යානයක් අද(07) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
                   
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමසදහා සංවිධානය කෙරෙන මෙම වැඩසටහනට අදාලව යුක්රේන ජාතිකයන් රැගෙන මත්තලට පැමිණි පස්වන ගුවන් යානය මෙය ය.

අද දිනයේදී යුක්රේන ජාතිකයින් 183 දෙනෙකු දිවයිනට පැමිණි අතර මීට පෙර පැමිණි අයගෙන් 202 දෙනෙක් නැවත යුක්රේනය බලා එම ගුවන් යානයෙන්ම පිටත් වූහ.

පැමිණි සංචාරකයින් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

මේ අතර හෙට පස්වරුවේද තවත් සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළට පැමිණීමට නියමිතය.