( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැවක යාත‍්‍රා කරමින් සිටියදී තමා අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඇවන්ගාඞ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 04 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තිරණය කළේය.
මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන මහත්ම මහත්මීන් ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ආරක්ෂක අමාත්‍යාංශ ලෙක්ම්වරයා ,නාවික හමුදාපතිවරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ලැබ සිටිති.
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත සිටියදී එලෙස අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට නීතිමය අයිතියක් නැති බව පෙත්සමින් පෙන්වා දී ඇත.

