(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැවක යාත්‍රා කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු ගොනු කර ඇති පෙත්සම මේ මස 17 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී ඒ ගැන කරුණු සලකා බැලීම වෙනත් දිනයක සිදු කරන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය කළ ඉල්ලීමකට අනුව පෙත්සම තැබීය.
ඊවා වනසුන්දර ,උපාලි අබේරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳැවිණි.
ආරක්ෂක අමාත්‍යාංශ ලෙක්ම්වරයා ,නාවික හමුදාපතිවරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
තමා ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාවක කපිතාන්වරයෙක් ලෙෂ සේවය කළ බව පෙත්සම්කරු කියා සිටී.

