යුක්තිය සොයා ජාත්‍යන්තරයට යන්න සූදානම්


ඝාතනයට හා අතුරුදහන්කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොකර ජනමාධ්‍ය සහ සමාජය රැවටීමට ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නම් ප්‍රශ්නය බේරාගැනීම සඳහා ජාත්‍යන්තරයට වුව යාමට නොපැකිළෙන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා මෙම අදහස් පළ කළේ අතුරුදන් කරන ලද හා ඝාතනය කරන ලද සියලු මාධ්‍යවේදීන්ගේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් තැපැල් පත් යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරමිනි.

යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට සිය සංවිධානය ද කැප වී කටයුතු කළ නමුත් මේ වනවිට ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරගැනීම සඳහා වූ බාධා සම්බන්ධයෙන් කතිකා කිරීමට සාකච්ඡාවක්වත් ලබා නොදෙන තත්ත්වයට ජනාධිපතිවරයා පත්ව ඇතැයි රුහුණගේ මහතා කීවේය.

DSC_3586 DSC_3603 DSC_3658 DSC_3665 DSC_3675