රටේ ජනතාවට බලපවත්නා සාධාරණය ඉටුකර දීමට සුදුසු ප්‍රජාත්නත්‍රවාදී රාජ්‍යයක නීතිය නිසිපරිදි ස්ථාපිත කරණ බව ප්‍රකාශයෙන් නොව ප්‍රායෝගිකව පෙන්විය යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මින් සුළු මොහාතකට පෙර කීවේය. පසුගිය කාලයේ දී ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ අභියෝගය ජනතාව විසින් තේරුම්ගෙන තිබූ බවත් නිතිය ඉටුවිය යුතු අවස්ථාවක දී නීතිය ඉටුකරණ පොලිස් නිලධාරීන්ට දේශපාලඥයන්ගෙන් බලපෑම් එල්ලවන බව ජනතාව හොඳින් දැන සිටි බවත් ජනාධිපති කීවේය. මේ නිසා ඇතැම් අවස්ථාවල දී ජනතාව නීතිය අතට ගත් බව ද හෙතෙම කීවේය. මේ ක්‍රමය අවසන්කරණ බව කී ජනාධිපතිවරයා පැවසුවේ එය පොරොන්දු පත්‍රයකට සිමා නොකර ක්‍රියාවෙන් ම පෙන්වීමේ වැඩපිළිවෙලකට නව රජය මුලපුරා ඇතැයි ඔහු කීවේය.

