යුඑන්පී මන්ත්‍රීන්ට නොතීසි


කොළඹ කොම්පඤ්ඤවීදීය මෝගන් පාරේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති පරිශ්‍රයට බලෙන් ඇතුළු වී සේවකයින් කිහිප දෙනකුට පහර දුන්නැයි  කියන සිද්ධීයක් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීන් හතර දෙනකුට හා ජාතික සේවක සංගමයේ දෙදෙනකුට කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය.

එජාප මන්ත්‍රීවරුන් වන  රවී කරුණානායක ,ආර් යෝගරාජන් ,අජිත් පෙරේරා හා නලින් බණ්ඩාර යන මහත්වරුන්ට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කැරිණි.

කොළඹ වරායේ ආරක්ෂක පුහුණු පාසලක දේශපාලන කටයුතු කෙරෙතියි කියමින් එජාප මන්ත්‍රීවරු එහි ගියහ. ඔවුන්ගේ වාහන වලට ගල් මුල් ප්‍රහාර ද එල්ල විය.