යාල්දේවි කොළඹ කොටුවේදී පීලිපනී


(යොහාන් භාසුර)

අනුරාධපුරයේ සිට පැමිණි යාල්දේවි ශිඝ්‍රගාමී දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම එන්ජිම පිළිගත කිරීමේ කටයුතු වල කටයුතුවල මේ වන විටත් සේවකයන් යෙදී සිටින බවත් මෙම පීලිපැනීමෙන් සෙසු දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.