ජනවාරි 2 වැනිදා සිට යාල්දේවිය කන්කසන්තුරය දක්වා ගමන්කරනු ඇති බව ශී‍්‍ර ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරී වී.අමරතුංග මහතා කියයි.
වසර 24 කට පසු පසුගිය ඔක්තෝබර් මාසයේ යාල්දේවිය නැවත වරක් යාපනයට පැමිණියාය. එදවස සිටම යාපනය සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මග ඉදිකිරීමේ කටයුතු සිදුවුණු අතර ඒ සියල්ල දින කිහිපයකින් අවසාන කිරීමට හැකිවනු ඇති බව සඳහන්ය.
යාපනය හා කන්කසන්තුරය අතර කිලෝමීටර 21 ක් පමණ වන දුරෙහි කොකාවිල්,කොන්ඩාවිල් හා චුනකම් ප‍්‍රධාන දුම්රිය ස්ථාන ලෙසත් තවත් දුම්රිය ස්ථාන 5 ක් කුඩා දුම්රිය ස්ථාන ලෙසත් පිහිටුවීමට නියමිතය.

