යාල වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයයට නුදුරින් මඟුල් මහා විහාරය හා පලටුපාන අතර අක්කර දෙකක සරු කංසා වගාවක් වටලන්නට ගිය වනජීවී නිලධරයින් හා වගා කරුවන් අතර වෙඩි හුවමාරුවක් ඇති විය.
කංසා වගාකරුවෙක් වෙඩි පහරින් තුවාල ලැබීය.ඔහු දෙබරවැව රෝහලට ඇතුළු කැර ඇතැයි වාර්තාවේ.
වනජීවී නිලධරයින්ට කංසා වගාකරුවන් මුලින්ම වෙඩි තබා ඇතැයි සඳහන්වේ.සැකකරුවකු අත්අඩංගුවට ගෙන හේන වටලා ඇතැයි වනජීවී නිලධරයෝ කියති .අඩි හතරක් උසට කංසා ගස් වැවි ඇත.