යාපනේදී මහ රෑ පොලීසියට ගල් මුල්


යාපනය  කිට්ටු උද්‍යානය අසලදි කිසියම් පිරිසක් පොලිස් කැබ්රියකට ගල් මුල් ගසා හානි සිදු කැර ඇත.ඉරිදා  මැදියම් රැය ආසන්නව මේ ප්‍රහාරය එල්ල කරන්නට පෙර එම උද්‍යානයයේ කැරම් ගසමින් සිටි පිරිසක් අතර ඇති වු ගැටුමක් ගැන  පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට තොරතුරු ලැබී ඇත.

එහි ගිය පොලිස් රිය වටකර ගත් හතලිහක් පමණ ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.