යාපනේ මංගල ගමනට ජනපති දුම්රියෙන් යයි


ඔක්තෝබර 14 වැනිදා සිට යාල් දේවී දුම්රිය ඇතුළු දුම්රිය හතරක් කොළඹ සිට යාපනය අතර ධාවනය වන බව  දුම්රිය ගමනා ගමන මණ්ඩලයේ අධිකාරී  එල් ඒ ආර් රත්නායක මහතා පැවසීය.

උතුරු දුම්රියේ මංගල ගමනට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය.

යුද්ධයෙන් පසු උතුරට දුම්රියක්  ධාවනය වනුයේ  වසර විසි පහකට පමණ පසුය.

කොටි ත්‍රස්තවාදීන් උතුරු දුම්රිය මාර්ගයේ සිල්පර හා රේල් පීලී  බංකර ඉදි කිරීමට  ගත්හ.දුම්රිය මාර්ගය යළි ඉදි කැරුණේ ඉන්දියා රජයේ අධායෙනි.